2018 පැරා ජාතික මලල ක්‍රීඩා වලියේ වෙල්ලස්සට විශිෂ්ඨ ජයග්‍රහණ රැසක්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දින 02ක් පුරා ජූලි 20 හා 21 ජාතික පැරාලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් පැවැති 2018 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ අංශයේ පිරිමි ශූරතාවය හා විවෘත කාන්තා අනුශූරතාව වෙල්ලස්ස ක්‍රීඩා සමාජය විසින් හිමකර ගත්තේය. එ් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගින් පදක්කම් 6ක් දිනා ගනිමිනි. සමස්ථ තරගාවලියේදී රන් පදක්කම් 11, රීදි පදක්කම් 04, ලෝකඩ පදක්කම් 03 ක් වෙල්ලස්ස ක්‍රීඩා සමාජය සතු කරගනිමින් හා විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව – නිරෝෂා දිල්හානි – වෙල්ලස්ස ක්‍රීඩා සමාජය , කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා – ඉසුරු ලක්මාල් – වෙල්ලස්ස ක්‍රීඩා සමාජය , කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව – නිරෝෂා හේමමාලි වෙල්ලස්ස ක්‍රීඩා සමාජය ලෙස විශිෂ්ඨ ජයගුහණයක් අත්කර ගත් වගයි.

Leave a Reply