රැකියා/පුරප්පාඩු නිවේදනය -2022

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය (WOPD)

ආබාධ සහිත පුද්ගලයින් වෙල්ලස්ස සංවිධානය මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ NGO/2016/43 ලියාපදිංචි අංකය යටතේ ස්ථාපනය කරන ලදි ආබාධ සහිත පුද්ගලයිනේ සංවිධානයකි. ආබාධ සහිත පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීම සදහා වු ශ‍්‍රී ලංකා පදනම (SLFRD) ස්විඩන් (DHR) සංවිධාන සහයෝගීතාවයෙන් මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ ඵලදායී සහභාගීත්වය තුළින් සමාජයීය අන්තර්කණය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2022 වර්ෂය තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සදහා පහත තනතුරු බදවා ගැනු ලැබේ.


සහකාර ව්‍යාපෘති නිලධාරී (කේෂ්ත‍්‍ර) – තනතුරු -01
සුදුසුකම්

  • අ.පො.ස. උසස් පෙළ සමත් විය යුතුය. අදාල ක්ෂේත්‍රය පිලිබද උසස් ඩිප්ලෝමාවක් හිමිව තිබිම විශේෂ සුදුසුකමකි.
  • සමාජ සංවර්ධනක්ෂේත්‍රයේ අවම වශයෙන් අවුරුදු 03 ක පළපුරුද්ද ඇතුළුව අවුරුදු 3ක වෘත්තිය පළපුරුද්දක් තිබිම.
  • කාර්යක්ෂමව පරිඝනකය භාවිතා කිරීමේ හැකියාව, (Sinhala & English typing, MS office, internet and Email)
  • අන්තර් සම්බන්ධතා සන්නිෙව්දන කුසලතාවයන්.
  • ඉංග‍්‍රිසි භාෂාවෙන් කාර්යාල වැඩ කටයුතු සිදුකිරීමේ හැකියාව විශේෂ සුදුසුකමක් වේ.
  • යතුරුපැදි පැදවීම සදහා වලංගු රියදුරු බලපත‍්‍රයක් තිබිය යුතුය.
  • අයදුම්කරැවන් වයස අවුරුදු 25-45 අතර විය යුතුය.

ප‍්‍රධාන වගකීම්

  • සමස්ථ ව්‍යාපෘතිය ඵලදායීව සහ කාර්යක්‍ෂමව ක‍්‍රියාත්මක කිරිම සදහා ව්‍යාපෘති කළමනාකරන කණ්ඩායමට අවශ්‍යය සහාය ලබාදිම සහ නියමිත ක්‍රමවේදයන්ට අනුව කාර්යයාල ක්‍රියාපටිපාටීන් පවත්වා ගෙන යා යුතුය.

වැටුප: රු 40,000/- (EPF /ETF සමග)


මූල්‍ය සහායක (අර්ධ කාලීන) – තනතුරු – 01
සුදුසුකම්

  • අ.පො.ස. උසස් පෙළ වාණිජ විෂය හදාරා තිබිම
  • ගිණුම්කරණ සම්බන්ධව වසර 3ක අවම පළපුරුද්දක් තිබිය යුතුය.
  • කාර්යක්ෂමව පරිඝනකය භාවිතා කිරීමේ හැකියාවල, (Sinhala & English typing, MS office, internet and Email)
  • QuickBook මෘදුකාංගය භාවිතා කිරීම කිරීමේ හැකියාව විශේෂ සුදුසුකමක් වේ.
  • අවශ්‍ය අවස්ථා හි දී වැඩසටහන් සදහා සහාය වීම සහ කේෂ්ත‍්‍රයට යාමට හැකි විය යුතුය.
  • වයස අවුරුදු 25 -35 අතර විය යුතුය.

ප‍්‍රධාන වගකීම්

  • සමස්ථ ව්‍යාපෘතිවල සහ සංවිධානයේ මුල්‍ය කළමනාකරණය සහ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් නිශ්චිත කාල රාමුව තුළ අරමුණු ළගා කර ගැනීම සහ කළමනාකරණයට අවශ්‍ය සහයෝගය හා සංවිධාන කාර්යය පටිපාටින් පවත්වා ගෙන යාම.

වැටුප: රු 25,000/- (EPF /ETF සමග)


පරිපාලන සහායක – (අර්ධ කාලීන) – තනතුරු – 01
සුදුසුකම්

  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් අයකු විය යුතුය.
  • කාර්යාලීය වැඩ කටයුතු පවත්වාගෙන යාම පිළිබද වසර 3කට නොඅඩු වෘත්තීය පළපුරුද්දක් තිබිය යුතුය.
  • කාර්යක්ෂමව පරිඝනකය භාවිතා කිරීමේ හැකියාව, (Sinhala & English typing, MS office, internet and Email)
  • කාර්යාලීය ක‍්‍රමවේදය, රාජකාරී ලිපි ලිවීම, ලිපිගොනු පවත්වාගෙන යාම පිළිබද මූලික දැනුම තිබිය යුතුය.
  • අවශ්‍ය අවස්ථා හි දී වැඩසටහන් සදහා සහාය වීම සහ කේෂ්ත‍්‍රයට යාමට හැකි විය යුතුය.
  • වයස අවුරුදු 25 -35 අතර විය යුතුය.

ප‍්‍රධාන වගකීම්

  • සමස්ථ ව්‍යාපෘතිවල සහ සංවිධානයේ මුල්‍ය කළමනාකරණය සහ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් නිශ්චිත කාල රාමුව තුළ අරමුණු ළගා කර ගැනීම සහ කළමනාකරණයට අවශ්‍ය සහයෝගය හා සංවිධාන කාර්යය පටිපාටින් පවත්වා ගෙන යාම.

වැටුප: රු 25,000/- (EPF /ETF සමග)


විශේෂ සටහන

  • ආබාධ සහිත පුද්ගලයිගේ වෙල්ලස්ස සංවිධානයේ සාමාජිකයින්, ආබාධ සහිත තැනැත්තන් සහ කාන්තාවන් අයදුම් කිරීම දිරිගන්වන අතර ඔවුන් විශේෂ අවස්ථාවක් ලබා දෙනු ලැබේ.
  • අවශ්‍ය අවස්ථාවලදී මාර්ගගත ක‍්‍රමය ඔස්සේ නිවසේ සිට රාජකාරී කිරීමට අවශ්‍ය සංනිවේදන පහසුකම් තිබිය යුතුය.
  • අයදුේකරුවන් ඔවුන්ගේ විස්තර සනාථ කළ හැකි ඥාතීන් නොවන නිර්දෙශකයින් දෙදෙනෙකු (02) සම්බන්ධ කර ගත හැකි තොරතුරු ද ඇතුළත් ඔවුන් විසින් සකස් කරගත් අයදුම් පත‍්‍රයක් 2022 මැයි මස 07 දිනට ප‍්‍රථම වෙල්ලස්ස සංවිධානයේ ලේකම් වෙත wellassaopd@gmail.com යන විද්යුත් ලිපිනයට සහ/හෝ පහත ලිපිනයට ලියා පදිංචි තැපෑලෙන් ලැබිමට සලස්වන්න.
  • ඔබ ඉල්ලූම්කරන ලද තනතුර පැහැදිලිව අදාළ ජීවදත්ත පත‍්‍රිකාවේ දකුණු පස ඉහළ කෙළවරේ සටහන් කිරීම අනිවාර්යය වේ

වැඩි විස්තර :0718840767 දුලිප් සම්පත්
ලේකම්,
ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය
2022 අපේ‍්‍රල් 25

T.P 0552274472 wellassaopd@gmail.com අංක – 08 මොනරාගල පාර, කොටවෙහෙරගල, වැල්ලවාය

Leave a Reply