International Wheelchair Day 2019

11 වන ජාත්‍යන්තර රෝදපුටු දින සැමරුම… මාර්තු 01

චලන අපහසුතා සහිත තැනැත්තන් සඳහා තමන්ගේ ශරිරයේ කොටසක් ලෙස භාවිතා කරමින් එහා මෙහා යාම සඳහා භාවිතා කරන ආධාරක උපකරණ අතුරින් විශලතම උපකරණය රෝදපුටුවයි. රෝදපුටුවක් තුළ සිය දෛනික චර්යාවන් සිදු කරන පිරිස අතුරින් බොහෝ පිරිසකට තමන්ගේ නිවසට පමණක් සීමා වි සිටිමට සිදු වන්නේ රෝදපුටු භාවිතාකරන තැනැත්තන්ගේ යාහැකි අයුරින් භෞතික පරිසරය සකස් කර නොමැති නිසා වෙනි.
ශ්‍රි ලංකාවේ සේවා සම්පත් සපයන ආයතන තුළ, පොදු ප්‍රවාහනය තුළ, ආකල්පමය වශයෙන් රෝද පුටු භාවිතා කරන තැනැත්තන් සදහා හිතකර පරිදි සකස් කිරිමට සංවේදි වි ඇත්තේ ඉතාමත්ම අතලෙස්සක් පමණි. විශේෂයෙන්ම වැසිකිළි පහසුකම් අත්‍යඅවශ්‍ය කරුණක් වුවත් භෞතික පරිසරය නිර්මාණය කරන අය විසින් එය අමතකර කර තිබිම ඉතාමත් කණගාටුවට කරුණකි.
මොහොතක් කල්පනා කරල බලන්න,
නගරයක් තුළ තියෙන විිවිධ සාප්පු සංකිරණ හෝ වෙනත් ගොඩනැගිලි වලින් කියෙන් කියකට රෝද පුටුවක ඉන්න කෙනෙක්ට ප්‍රෙව්ශ වියහැකිද ?????
ආනති සහිත බැවුම් සහිත ව සකස් කරතිබුණද එහි අධික බැවුම් සහිතයි (1.12 අනුපාතයෙන් තොරය). සමහර ආනති තල ටයිල් සහිතව සකස් කර ඇත. එය ඉතාමත් අනතුරු දායකය.
රෝද පුටුව අපි කාටත් කොයි මොහොතේ දි උවමනා වෙයිද කියලා කියන්න බැ. එක නිසා සැම ඉදිකිරිමක දිම රෝදපුටුවකින් එහා මෙහා යා හැකි අයුරින් සකස් කිරිමට තරයේ මතක තබාගත යුතු වේ. මෙය නිවසෙන් ආරම්භ කිරිම වැදගත්වේ.
සැමට හිතකර සමාජයක් බිහිකරමින් සංවේදි පුද්ගලයින් ලෙසත් විවිධත්වයට ගරු කරන්නන් ලෙසත් සහකම්පාවෙන් යුතු පිරිසක් ලෙසින් සිතිමට කාලය එළඹ ඇත.

Leave a Reply